මොකක්ද මේ COPE කමිටුව?

පොදු ව්‍යාපාර කාරක සභාව කියන්නේ රටේ පවතින පොදු ව්‍යාපාර වල ගිණුම්කරණය පිළිබද තොරතුරු අධීක්ශණයට පවතින පාර්ලිමේන්තුව මත පදනම් වූ කමිටුවකි. මෙහි වත්මන් සභාපති වන්නේ සුනිල් හදුන්නෙත්ති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි. මෑතකදී සිදු වූ විශේෂ සිදුවීමක් වන්නේ මෙහි කටයුතු ජනමාධ්‍ය සදහා විවෘත වීමයි. එමහින් රටේ ආයතන වල කටයුතු විනිවිධභාවයකින් සිදුවන්නේද යන්න ජනතාවට දැනගැනීමට හැකියාව ලැබීම ඉතා වැදගත්.

68602739_3302454796433151_683311562873634816_o

මෙවැන්නක් ජනතාවට නැරබීමට ලබාදීම තුලින් මේ රාජ්‍ය සම්බන්ධ ආයතන වල දූශණ සහ අක්‍රමිකතා අඩු වනු ඇති බවට තමුන් විශ්වාස කරන බව කථානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කොට ඇත. මෙය සැබෑ සත්‍යයකි. මෙවැනි පොරොන්දු දුන් බොහෝ උදවිය හොරු සමග එකතු වූවා මිස, හොරුන්ට විරුද්ධ වූයේ නැත. නමුත් තමුන්ගේ බලතල භාවිතා කොට මෙවන් සේවයක් ජනතාවට ලබාදීම පැසසිය යුතුය.

67748204_3302455003099797_814638193767874560_o

මෙහි වත්මන් සභාපති සුනිල් හදුන්නෙත්ති මහතාගේ ක්‍රියාකලාපයද ඉතා පැසසුම්සහගතයි. නිවැරදි පුද්ගලයින් නිවැරදි තනතුරුවලට පත් වූ විට නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට මෙය මනා උදාහරණයකි.

මෑත කාලීනව ඉතා ආන්දෝලනයකට ලක්වූ ක්‍රිකට් ආයතනය මෙන්ම සතොස යනාදී ආයතන සම්බන්ධව ජනතාවට හෙලි වූ කරුණු ඉතා වැදගත් වනු ඇත. යහපත් හෙටක් සෑදීමට මෙය හේතුවේවා යැයි අපි පතමු.