විස්මිත මහවැලි මහා සෑය

AAමෙරට විශාලතම චෛත්‍යය ලෙස සැලකෙනු ලබන්නේ රුවන්වැලි මහා සෑයයි. දුටුගැමුණු රජු සමයේ ඉදි වුණු එයට පසුව මෙරට ඉදිවුණු විශාලතම චෛත්‍යය වනුයේ මහවැලි මහා සෑයයි. මෙම නිර්මාණය අපේ රටේ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.

 

මෙම වැදගත් කර්තව්‍යයට අවශ්‍ය මූලික අඩිතාලම දමා වැඩ ආරම්භ කරන්නේ දිවOගත ගාමිණී දිසානායක මැතිතුමා. වසර 33ක් පමණ කල් ගතවීමෙන් පසුව මෙය අවසන් කිරීමට මූලිකත්වය ගන්නේ එතුමාගේ වැඩිමහල් පුත් නවීන් දිසානායක මැතිතුමායි.

521මෙහි ප්‍රධාන ඉන්ජිනේරුවරයා ලෙස කටයුතු කරන මෙරට ඉතාමත් විශිෂ්ඨ සිවිල් ඉන්ජිනේරුවරයෙක් ලෙස ඉතිහාසගත වූ. ඒ. එන්. සී. කුලසිOහ මහත්මයායි.

රුවන්වැලිසෑය පසු කර ඉහලට ඇදීමට ඇති තරම් හැකියාව තිබියදීත්, ඊට අඩු 3ක් පමණ අඩුවට නිම කෙරෙන්නේ රුවන්වැලිසෑය කෙරෙහි ඇති ගරුත්වය එලෙසම පැවතිය යුතුයැයි සිතා ගනු ලැබූ දේශප්‍රේමී තීරණයක් නිසාවෙනි.

222මෙහි හතරැස් කොටුව ලෝහ වලින් නිමවීම නිසා එහි ශක්තිමත් බව සහ සුලගට ඔරොත්තුදීමේ හැකියාව වැඩිවන අතර මේ සියලු බර දරා සිටින්නේ ගල් කණු 32කින්න් වීම විශේෂත්වයකි. තවද මෙහි ගර්භය ඇතුලට ගොස් වන්දනාමාන කිරීමේ හැකියාවක් පැවතීම විශේෂිතයි.

කෙසේ හෝ වසර 33කට පසුව ඉමහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව 2016 වසරෙදී මෙය මහජනතාවට වැද බලා ගැනීමට විවෘත කෙරෙන්නේ මේ සදහා දහඩිය මහන්සිය හෙලූ බොහෝ දෙනෙකුගේ ප්‍රතිඵලයක් ලෙසයි. බුදුදහම වෙනුවෙන් මේ සා දේශපාලන නායකත්වයක් ලැබීම ඉතාමත් ප්‍රසOශණීයයි.

Google Maps Link ලින්ක් එක මෙතනින්:  https://goo.gl/maps/4jpQJdZDgXy



Categories: Culture

Tags: , ,

%d bloggers like this: