ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් විය යුතුද?

ඇෆ්ගනිස්ථානයට මෙන්ම ස්කොට්ලන්තයට පැරදුනු නායකයා වූ ඇන්ජිලෝ මැතිව්ස් නායක කමින් ඉවත් කොට ඇත්තේ ඉතාම නින්දිත ලෙසය. මෙයට ඇන්ජිලෝ මැතිව්ස්ට පමණක් දෝෂාරෝපනය කිරීම කෙතරම් සාධාරණද යන්න ඔහු මෙන්ම ක්‍රීඩා රසිකයින්ද ප්‍රශ්ණ කරති.

සධීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන, ජීවන් මෙන්ඩිස් යනාදීන් ලකුණු සහ කඩුලු අතර සිටියදී ඔවුනට කිසිදු අවස්ථාවක් හිමි වුනේ නැත. මෑත කාලීනව දිගින් දිගටම අසාර්ථක වූ සමහර ක්‍රීඩකයින්ට ඉමක් තොරක් නැතිව කණ්ඩායමේ ඉඩහසර හිමිවිය.

මෙය එක් නායකයෙකුට පමණක් කල හැකි දෙයක් නොවේ. කණ්ඩායමේ පන්දු රැකීම අන්තිම අසාධ්‍ය තත්වයේ පැවතින. කඩුලු අතර දිවීමේදී සන්නිවේදනයේ නොහැකියාව මැනැවින් පෙන්වීය. හරිහමන් කණ්ඩායමක් තේරීමේ වගකීම තේරීම් කමිටුව සතුය. නමුත් ඒ වගකීම හරි හැටි ඉටු වූවාද යන්න ප්‍රෂ්ණ සහිතය.

ටෙස්ට් ක්‍රීඩාවේ ස්ථාපිතව සිටින විශිෂ්ඨතම දග පන්දු යවන්නෙක් එක්දින කණ්ඩායමකට කැදවිය යුතුද? සීමිත පන්දුවාර තරගයක පන්දු යැවීමට උවමනා වන විවිධත්වය ඔහු සතුව තිබේද යන්න සලකා බැලිය යුතුව තිබුණි. එසේ නොවුනි නම් නව පන්දු යවන්නෙක් යොදවා ප්‍රතිවාදී කණ්ඩායම පුදුම කරවීමට හැකිව තිබුණි. මේ සියලු දේ තේරීම් කමිටුවට අදාල දේවල්ය.

එබැවින් දේශපාලන අතපෙවීම් වලින් තොර ස්වාධීන තේරීම් කමියුවක් පත් කිරීමේ අවශ්‍යතාව වෙනදාට වඩා අද තදින් දැනී තිබේ.



Categories: Cricket, Sports News

Tags: ,

%d bloggers like this: