යුද්ධයක් නැතිව ප්‍රෂ්ණයක් ඉවර කරන හැටි කියාදුන් TRUMP

Donald Trump යනු සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඔහු ජනාධිපති වුන පසු ඔහුට විරුද්ධ වූ බොහෝ පිරිස් විය. ජනතාව ඔහුට චන්දය දීමට හේතු වූ එක් කරුණක් වන්නේ යුධ මානසිකත්වයෙන් තොර වීමයි. මීට පෙර සිටි සියලු ජනාධිපතිවරුන් යුද්ධය ප්‍රිය කලහ. ඇෆ්ගනිස්ථානය, ඉරාකය මෙන්ම බොහෝ රටවල යුද්ධ කොට ජයග්‍රහණ කලහ. නමුත් ඇමරිකානු ජනතාවට එය එපා විය. කෙතරම් යුධ ජයග්‍රහණ ලැබුවද රටේ ආර්ථිකය හරි හැටි හසුරවාගත නොහැකි විය.

Trump කියා සිටියේ ඕනෑම ප්‍රෂ්ණයකට යුද්ධයෙන් තොර විසදුමක් ඇති බවය. මෙසේ කී සමහර උදවිය මෙන් Trump ගේ කිසිවෙකුත් මහ ඛැංකුව සොරා කෑවේ නැත. තවද ඔහු ඇමරිකාවේ ජාතීන් අතර ප්‍රශ්ණ අවුලා එහි වාසියක් ගත්තේද නැත. ඔහු විරුද්ධ දේ කෙලින්ම ප්‍රකාශ කලේය. එහි හරි වැරදි තිබීමට පුලුවන. එක් එක් ජාතීන් හෝ ආගමිකයින් දිනාගැනීමට එක එක දේවස්ථාන වලට ගොස් ලැජ්ජා සහගත හැසිරීම් හෝ බොරු පොරොන්දු දී නැත.

ඔහු ජනාධිපති වනවිට උතුරු කොරියාව ඇමරිකාවට බලවත් තර්ජණයක් වී තිබුණි. උතුරු කොරියාවට චීනයෙන් සහ රුසියාවෙන් ලැබුණු සහය නිසා මෙම තත්වය තවත් බරපතල විය. චීනය ඇමරිකාවට ආර්ථික වශයෙන් තර්ජණයකි. රුසියාව ඇමරිකාවට යුධමය වශයෙන් තර්ජණයකි. සටනකට යාම ආර්ථික මෙන්ම ජීවිත හාණි ඇති කරවන්නක් විය හැකිය.

Donald Trump උපායශීලී විය. ඔහු සියලුම දෙනා සමග සාක්ච්චා කලේය. එකිනෙකා අතර මිතුරුකම ඇති කරගැනීම තුලින් ඇති වන වාසි පැහැදිලි කරදුන්නේය. චීනයේද සහය ඇතිව සිංගප්පූරුවේදී Donald Trump සහ උතුරු කොරියානු ඒකාධිපති Kim Jon-Ung හමුවන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය. මෙම මිතුරුකම දකුණු කොරියාවටද හොදය. ඔවුන්ගේ ආරක්ශාව තහවුරු වේ. එමෙන්ම සමහර දකුණු කොරියානු පවුල් වල සාමාජිකයින් උතුරු කොරියාවේ සිරවී සිටිති. අනාගතයේ ඔවුන්ද මුනගැසිය හැකි වනු ඇත.

මෙය චීනයටද වාසිදායක වනු ඇත. මක්ද චීනය ප්‍රචලිත වී ඇත්තේ අඩු පඩියට වැඩ කරන ශමිකයින් බහුල රටක් ලෙසය. මේ නිසා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වී ඇත. උතුරු කොරියාවේ දරිද්‍රතාවය ඉතා ඉහලය. අනාගතයේ චීන ආයෝජකයින්ට අඩු මිලට ශ්‍රමිකයින් උතුරු කොරියාවෙන් සපයාගත හැකි වනු ඇත.

MJIandKJUමේ වනවිට උතුරු කොරියානු නායකයා න්‍යශ්ථික වැඩබිම්, යුධ ක්‍රියාකාරකම් නැවතීමට එකගවී ඇත. එම වැඩබිම් අතහරිනු ඇත. එමෙන්ම මිසයිල සවි කරන ලද වැඩබිමක් වසාදැමීමට උතුරු කොරියාව එකග වී ඇත.

ජනතාව Trump ට මල් තියා නොවදිනු ඇත. ඔහුගේ දූශණ වංචා ඇතොත් ඒවා වසාගැනීමට පෙලපාලි නොයනු ඇත. ‘අපි අද හුස්ම ගන්නේ ඔබ නිසා’ යැයි නොකියනු ඇත. Trump මහ බැංකුව සොරකම් කලොත් ඒවා වසාගැනීමට රට පැනීමට ඉඩ නොදෙනු ඇත.

Donald Tump කියාදුන් සරල පාඩම් මෙරටටත් අදාලය. යුද්ධයක් දිනූ පමණින් දේශපාලකයින් ඔබේ වීරයන් කර නොගන්න. විද්‍යාඥයින්, අවංක වෙදමහතුන්, දක්ශ ව්‍යාපාරිකයින් ඔබේ වීරයන් කරගන්න. උවුන් ඔබට දියුණුවට මග කියාවි.



Categories: Politics

Tags: , , ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: