ලොව තරබාරුම රටට අපෙන් අභියෝගයක්?

දිවයිනක් ලෙස ගත් කල අපට බොහෝ මත්ස සම්පත් මෙන්ම ස්වාභාවික එලවලු පලතුරු බහුලව තිබෙන රටකි. නමුත් වර්ථමානයේ අපි සියලු දෙනා පාහේ උත්සාහ කරන්නේ රාත්‍රියට පිශ්ඨය අධික ආහාරයක් ගැනීමටයි. රාජකාරී බහුල බව, අලස කම සහ නොයෙකුත් කාරනා නිසා කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වැනි ආහාර ගැනීමට අපි යොමු වී තිබේ. මෙය නිසැකවම අධික තරබාරු බවට අතවැනීමක් බව අමුතුවෙන් නොකිව යුතුය. ලෝක කුසලාන, ආසියානු කුසලාන දිනා ඇති අපට තරබාරු බව සදහා කුසලාන ලැබෙන දවස වැඩි ඈතක නොවනු ඇත.

කෙසේ හෝ තවම ලොව තරබාරුම රට ලෙස කිරුලු දරා හිදින්නේ අපට වඩා ගව් ගනනක් ඉදිරියෙන් සිටින ඇමරිකන් සමෝආ දේශයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන අන්දමට එරට වැඩිහිටියන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම අධික තරබාරුකමෙන් හෝ අධික සථූලතාවෙන් පෙලෙන බවයි. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ඔවුන්ගේ වැරදි ආහාර පුරුදුයි.

සමෝආ දේශය යනු බෙහෙවින් එලවලු පළතුරු බහුලව තිබූ රටකි. කෙසේ හෝ ඔවුන් බෙහෙවින් තෙල් සහිත මාංශමය ආහාර භාවිතයට පුරුදුවීමත් සමග ගොවිතැන් වලින් ඉවත්වී තිබෙනවා. සමහර පාරම්පරික ගොවියන්ට තමුන්ගේ තරබාරු බව වැඩි වීමත් සමග වගා බිම් වෙත ඇවිද යාම පවා එපා වී තිබෙන බව කියවෙනවා.

Screen Shot 2018-09-17 at 5.25.49 PM

‘ටවීටා’ යනු සමෝආ හි අගනුවර කුලී රථ රියදුරෙකු ලෙස රාජකාරියේ නිරත පුද්ගලයෙකි. ඔහු එරට බර අඩු කිරීමේ කදවුරකට සහභාගී වන්නෙකි. 42වියැති ඔහු පවසන්නේ ඔහු තමුන්ගේ ජීවිතය පිළිබද බියෙන් පසුවන බවයි. බර අඩු කිරීමේ කදවුරු එරට බහුල වුවද නිලධාරීන් පවසන්නේ අඩු කරගත් බර පවත්වාගෙන යන්නේ 1%ක් පමණ අඩු ප්‍රතිශතයක් බවයි.

අධික රුධිර පීඩනය, දියවැඩියාව යනාදී රෝග පැවතීම සමහර පුද්ගලයින්ගේ රෝග සුව කිරීමට බාධාවක් වන බව කියැවෙනවා.

අපේ රටේද වැරදි ආහාර පුරුදු නිසා හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග වලින් පීඩාවිදින පිරිස බොහෝ සෙයින් ඉහල ගොස් තිබෙනවා. නිවසේදී සාදාගන්නා පෝෂ්‍යදායී ආහාර වේලක් තුලින් මෙම රෝගාබාධ වලින් මිදීමට උත්සාහ කිරීම වැදගත් වනු ඇත.

 



Categories: Health and Beauty, Heath Tips

Tags: , , ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: