මාලිංගට ලංකාව දිනවිය හැකිද?

ලසිත් මාලිංග කණ්ඩායමට යළි කැදවීම සමග ප්‍රේක්ශකයින් නැවත්ත ක්‍රිකට් පිළිබද බලාපොරොත්තු වැඩි කරගැනීමට පටන් ගෙනය. කෙසේවෙතත් පන්දුයවන්නෙක් වශයෙන් ලසිත් මාලිංග කෙසේ සාර්ථක විය හැකිද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්ණයකි. ඔහු පෙරදා මෙන් දස්කම් වල 100%ක් නැති බව සැබෑය. හැබැයි ඔහු 30%ක් දස්කම් වල සිටියද මෙරට බොහොමයක් අනෙකුත් පන්දු යවන්නන්ට වඩා ඔහු සුපිරිය.

ක්‍රිකට් කණ්ඩායමක් ලෙස ඉදිරියට යාමේදී අපි කණ්ඩායමේ එකමුතුවූ හැකියාව සලකා බැලිය යුතුය. එලෙස බලන කල මාලිංගට තනිවම තරග දිනවිය නොහැක. ඒ සදහා ඔහුට සහයක් උවමනා වේ. ඒ සහය ලබාදිය හැක්කේ නිශ්චිත ඉලක්කයකට පන්දුයැවිය හැකි පන්දු යවන්නෙකුටය. එවැන්නේක් දැනට මෙරට නොමැතිය. ඉසුරු උදාන සමහරවිට විසදුමක් විය හැකිය. නමුත් ඔහු කණ්ඩායමට නැත.

වාර්තා දෙස බැලූ කල මාලිංග තබා ඇති වාර්ථා බොහෝමය. එවන් කිසිවක් යලිදු ඔහුට බිදිය නොහැකි ඒවාය.

ආසියානු කුසලානය අමුතුම අත්දැකීමකි. ඉන්දියාව සහ පාකිස්ථානය සතුව මාලිංගට උවමනා තරම් සැලසුම් ඇතිවනු ඇත. එමෙන්ම මෑතකදී ඔහු හරිහැටි පන්දුවාර 10ක් යවා නොමැත. නමුත් ඔහුගේ 20-20 තරග හැකියාව කිසිලෙසකින්වත් අවතක්සේරු නොකරමු.

මෙවර අසාර්ථක වුවහොත් නැවතත් අවස්ථාවක් නොලැබෙනු ඇත. එමෙන්ම ආසියානු කුසලානය යනු ක්‍රීඩයෙකු ලෝක කුසලානයකට සුදුසුදැයි බැලීමට සුදුසු තරගාවලියක් නොවේ. එබැවින් මෙම කැදවීම ලොකු වෙනසක් නොකරනු ඇත.



Categories: Cricket, Sports News

Tags: ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: