ක්‍රිකට් දැනුම මිනුම – Episode 1

අද අපි පළමු ක්‍රිකට් දැනුම මිනුම වාර්ථාව සමගින් කතාකරන්න බලාපොරොත්තු වන්නේ මෙරට ප්‍රසිද්ධ ක්‍රීඩකයින් දෙදෙනෙකු පිළිබදයි.

sanath-jayasuriyaසනත් ජයසූරිය – කවුරුත් දන්න වමත් කසකාරයා. සනත් ගේ විශේෂත්වය වන්නේ ඉනිමක් වෙනස් කිරීමට ඇති හැකියාවයි. සනත් ජයසූරිය ලබාගත් එක්දින ශතක 28න් 24ක්ම වාර්ථා වුන අවස්ථා වලදි අපේ රට එම තරග ජයග්‍රහණය කොට තිබෙනවා. මෙය ඉතා ඉහල ජයග්‍රාහී ඉණිම් පරිවර්තනයක් වන අතර සචින් තෙන්ඩුල්කාර් වාර්ථා කොට ඇති එක්දින ශතක 49න්, ජයග්‍රහණය කරන ලද තරග ගනන 33ක් පමණි. ප්‍රතිශථ ලෙස ගතහොත් ජයසූරියගේ එක්දින ශතක 85.7%ක් ජයග්‍රාහී ඉණිම් වන අතර තෙන්ඩුල්කාර් ලබාගත් එක්දින ශතක වලින් ජයග්‍රාහී ප්‍රතිශථය 67.34% පමණි.

ජයසූරිය සහභාගී වූ එක්දින තරග 445න් 233ක් ජයග්‍රහණය කොට ඇති අතර. එම තරග 233න් 46කදීම තරගයේ වීරයා වී ඇත්තේ ඔහුයි. මෙය සෑම ජයගත් තරග 5කින් 1කදී තරගයේ වීර්යා වූවාට ආසන්න අගයකි.

අන්තර්ජාතික T20 ඉණිම් 30කට ජයසූරිය පිත්තෙන් සහය දී ඇති අතර ඉන් 6කදීම තරගයේ වීරයා වී ඇත්තේ ඔහුයි. මෙය සෑම තරග 5කට 1ක් ලෙස සැලකිය හැක. මේ අතර මෙරට T20 වරම් ලද පළමු තරයේදී ද, තරගයේ වීරයා වූයේ ජයසූරියයි.

aravinda_de_silvaඅරවින්ද ද සිල්වා – මෙරටින් බිහිවූ දක්ශතම පිතිකරු ලෙස සැලකෙන අරවින්ද සහභාගී වූ ටෙස්ට් තරග ගනන 93කි. එයින් තරග 11කදීම තරගයේ වීරයා වී ඇත්තේ ඔහුය. අරවින්ද සහභාගී වූ ටෙස්ට් තරග 93න් 57ක් ජයගෙන හෝ ජය පරාජයෙන් තොරවූ තරගය. එම තරග 57න් 9කදී තරගයේ වීරයා වන්නේ අරවින්දයි.

අරවින්ද සහභාගී වූ එක්දින තරග 308න් 129ක් ජයගෙන ඇත. එම තරග 129න් 27කදීම තරගයේ වීරයා වන්නේ අරවින්දයි. ඔහුගේ එක්දින ලකුණු ලබාගැනීමේ සාමන්යය 34.90කි. නමුත් ජයගත් තරග වලදී සාමාන්යය 50.56කි. ඔහුගේ ලකුණු ලබාගැනීම තරගයක ජයග්‍රහණයට කෙතරම් බලපෑවාද යන්න මෙය කදිම සාධකයකි.



Categories: Cricket, Sports News, Uncategorized

Tags: ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: