Messiට වැදුනේ Romero නැති ශාපයද?

sergi-romero-argentina2014 ලෝක කුසලානයේ ආජන්ටිනාව අවසන් තරගයට් මුහුණ දෙන්නේ දඩුවම් පහර තුලින්. එහිදී ප්‍රභල නෙදර්ලන්ත ක්‍රීඩකයින් කිහිප දෙදෙනෙකුගේ දඩුවම් පහර නැවත්වීමට Sergio Romero හට හැකි වෙනවා. මෙය කෙතරම් අගයට ලක්වුනාද කිවහොත් ඔහුව තරගාවලියේ හොදම දැල් රකින්නන් 3දෙනා අතරට නිර්දේශ වෙනවා.

මේ හේතුව නිසාම ඔහුට Manchester United කණ්ඩායමේ දැල් රකින්නෙකු ලෙස සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා. වසර 4ක් ගතවී 2018 උදාවෙන්නේ ඔහුට නැවතත් ලෝක කුසලානයට පැමිණීමේ හැකියාව සමගින්. ඔහුව ආජන්ටිනාව වෙනුවෙන් මූලික සංචිතයට තෝරාගැනෙනවා. නමුත් වාර්ථා වන අන්දමට ඔහු ඊට පසු දින පාදයේ ආභාධයකට ලක් වෙනවා.

Screen Shot 2018-07-01 at 11.55.49 PMනිල තතු එසේ වුනත් සමාජ ජාලා තුල බෙහෙවින් කතාබහට ලක්වෙන්නේ Lionel Messi ගේ උවමනාව නිසා සුවපත් අතට පත්වෙමින් තිබූ Sergio Romero මග හැරි බවයි. ඔවුන්ගේ සංචිතයට දැල් රකින්නන් 3දෙනෙක් සිටී. එබැවින් Romero හට මද කලක් දෙන්නට තිබුනා යැයි කියන පිරිසක්ද සිටී.

මෙම තත්වය තවත් හාස්යයට ලක් කරමින් ප්‍රකාශ වූ අදහස්ද නැතුවා නොවේ.

Screen Shot 2018-07-01 at 11.57.18 PM

ආජන්ටිනා කණ්ඩායමේ දැල් රැකීම ඉතාමත් පහත් ත්ත්වයක තිබූ බව නොරහසකි. එමෙන්ම අවසන් තරග දෙක පුරාම පුහුණුකරුගේ අභිමතය අභිබවා Lionel Messi ගේ අභිමතයට තීරණ ගැනුනු බව දක්නට ලැබුණි.

බොහෝ දෙනාට වැටහෙන පරිදි Romero සිටියානම් ආජන්ටිනාව අද තව දිග ගමනක් යා හැකිව තිබූ කණ්ඩායමකි.



Categories: Football, Sports News

Tags: , ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: