කොරියානු ජනාධිපති කල අපූරු වැඩ

පසුගිය දවසක දකුණු කොරියාව මෙක්සිකෝව ඉදිරියේ ගෝල 2-0ක දරුණු පරාජයක් ලැබුවා. ක්‍රීඩකයෝ සියලු දෙනාම වාගේ මානසිකව වැටිලා, සමහරු අඩමින් සිටපු වෙලාවක ඔවුන්ගේ ක්‍රීඩාගාරයට අපූරු අමුත්තෙක් පැමිණියා. ඔවුන් කිසිලෙසකින් වත් බලාපොරොත්තු නොවූ දෙයක් තමා ඒ. දකුණු කොරියානු ජනාධිපතිතුමා ක්‍රීඩකයින් හමුවෙලා පරාජයේ වෙදනාව ඔවුන් එක්ක බෙදාගත්තේ හඩමින් සිටි ක්‍රීඩකයින් වැළදගනිමින්. ඉන්පසු ඔහු ප්‍රකාශ කොට සිටියා ඔවුන් පරාජය වුනත් පෙන්වූ සටන්කාමීත්වය ඔහු පමණක් නොව, සමස්ථ කොරියානු ජනතාවම අගය කරන බව. එලෙස සටනක් දී පරාජය වීම නම්බුසහගත බව ඔහු සදහන් කලා. දිනුවත් පැරදුනත් ඊලග තරගය මීටත් වඩා හොදින් ක්‍රීඩා කරමු කියා ක්‍රීඩකයින්ව දිරිමත් කලා.

south-korea-football.jpgඑදා ඒ දිරිමත් කිරීම ක්‍රීඩකයින්ට බොහොම හයියක් උනා. අවසානයේ ඔවුන්ට මුහුණදීමට සිදුව තිබ්බේ පසුගිය වර ලෝක ශූරයින් වී ජර්මනිය සමගයි. බොහෝ දෙනා හිතුවේ ජර්මනිය ජයග්‍රහණය කරාවි කියා. එතරම් හොද දක්ශ, නම ගිය ක්‍රීඩකයින් පිරිසක් ජර්මනිය සතුයි. නමුත් මිනිත්තු 90කටත් වැඩි වේලාවක් දරුණු සටනක් දීමෙන් අනතුරුව 92වන මිනිත්තුවේදී පළමු ගෝලය වාර්ථා කරගැනීමට කොරියානු ක්‍රීඩකයින් සමත් උනා. මෙයින් කළබලයට පත් ජර්මානු දැල් රකින්නා ඉදිරියට පැමිණ ක්‍රීඩා කරන්නට උනේ කෙසේ හෝ ලකුණු සම කරගැනීමේ බලාපොරොත්තුවෙන්. එනමුත් එහි වාසිය ලබාගත් කොරියානු ක්‍රීඩකයින් දෙවන ගෝලය වාර්ථා කලේ කිසිදු කරදරකින් තොරවයි. මෙම ජයග්‍රහණයට කොරියානු ජනාධිපති තුමාගේ දිරිමත් කිරීම බෙහෙවින් ඉවහල් වූ බව කියවෙනවා.

කොරියානු වැසියන් තමුන්ගේ ජනාධිපතිතුමා හදුන්වන්නේ ලොව සුන්දරම මිනිසෙකු ලෙසයි. ඔහු විසින් කරන ලද තවත් සත්ක්‍රියාවක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ තමා සිවිල් සේවා විභාගයට සූදානම් වෙන සිසුවෙකු ව හමු වී ඔහුත් සමග ආහාර ගැනීමට යෑම. මේ තියෙන්නේ ඒ වීඩියෝව.

ජනාධිපතිවරයෙකු ලෙස එතුමාගේ කැපවීම අගය කරමු.



Categories: Entertainment, Politics

Tags: ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: