අවුරුදු 95 රග්බි ක්‍රීඩකයෙක්

හුගක් වෙලාවට අපිව ජයග්‍රහණය කරවන්නෙත්, පරාජය කරවන්නෙත් අපේ හිතමයි. ලෝකේ හුගක් වෙලාවට රග්බි, ක්‍රිකට්, පාපන්දු වැනි ක්‍රීඩාවල නිරත ක්‍රීඩකයින් අවුරුදු 40කට කලින්, සමහර වෙලාවට 34-35දී පවා විශ්‍රාම යනවා. මේකට හේතුව ඔවුන්ගේ හැකියාවන් අඩු වීම පමණක් නොවෙයි. හුගක් වෙලාවට සමාජ සම්මතයන්. සමහර වෙලාවට ක්‍රීඩාව එපාවීම වගේ කාරණා. අද ජාත්යන්තර තලයේ ක්‍රීඩකයෙක් වුනත් වයස 35 පැන්න ගමන් මාධ්ය වලින්, ප්‍රේක්ෂකයින් අහන්නේ කවදාද විශ්‍රාම යන්නේ කියලා. සමහරවිට ප්‍රේක්ෂකයින්ට අලුත් ක්‍රීඩකයෙක් බලන්න තියෙන කැමැත්ත නිසා වෙන්නත් පුලුවන්. හැබැයි සමු ගන්න දවසට නොසෑහෙන්න දුකයි. මේක මනුස්ස ස්වභාවය.

easton-roy-4ඒත් අපි අද කියන්න යන්නේ වයස අවුරුදු 95දීත් රග්බි ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක් ගැන. අපි දන්න විදියට නම් 95ක් ජීවත්වෙන අයගෙන් 95%ක්වත් යන්නේ හැරමිටියෙන්. ඊස්ටන් රෝයි නමැති මේ පුද්ගලයා රග්බි ක්‍රීඩාවට එක්වෙන්නේ වයස අවුරුදු 21දී රාජකීය ගුවන් හමුදාව සමග 2වන ලෝක යුද්ධයේ නිරත වෙන කාලයේදී. වේල්ස් හි ජීවත්වන මොහුට මුලින්ම රග්බි ක්‍රීඩාව හදුන්වාදෙන්නේ මොහුගේ මිතුරෙක්.

“මම ක්‍රීඩාවේ නීති රීති ඉගෙන ගත්තා. ක්‍රීඩා කරන අයුරු බලාගෙන හිටියා. මට ලැබුනු එකම උපදෙස ‘පන්දුව බලන්න, විසික් කරන්න, කොයිම වෙලාවකවත් පන්දුව ඉදිරියට යන්න එපා.’ කියන එකයි.”

අවුරුදු 60ක් පුරාවට ‘Stirling County Rugby Club’හි ක්‍රීඩාකිරීමෙන් පසුව ඔහු වයස අවුරුදු 85දි ක්‍රීඩාව නවත්වනවා. ඒ ඔහුගේ බිරිදගේ අසනීප තත්වයන් මත ඇයව බලාගැනීමට සිදුවීම නිසා. හැබැයි බිරිදගේ අභාවයෙන් පසුව ඔහු නැවතත් ක්‍රීඩාවට යොමුවෙනවා. රෝයිගේ පියාත් බොහොම ක්‍රියාශීලී ක්‍රීඩකයෙකුව සිටි බවයි කියවෙන්නේ.

easton-roy-3ඔහුගේ දිගු ආයුශ කාලය සහ ක්‍රියාශීලී බවට හේතු ලෙස සැලකෙන කරුනු ලෙස ඔහු මේවා ප්‍රකාශ කොට සිටියා.

  • අධික ලෙස මත්පැන් පානය නොකිරීම. නමුත් ඔහු විටින් විට වයින් පානය කරන අතර එරට අධික ශීත දේශගුණය නිසා එහි නරකක් නැති තරම්ය.
  • දුම් පානයෙන් තොරවීම.
  • සැමවිටම සිනහවෙන් කල්ගත කිරීම.
  • හුගක් එළවලු ආහාරයට එක් කර ගැනීම. බොහොමයක් නිපදවෙන්නේ ගෙවත්තේමයි.
  • හුගක් ජලය පානය කිරීම.

අපටත් උනන්දු වුවහොත් මෙලෙස ක්‍රියාශීලීව වැඩි කාලයක් ජීවත් විය හැක. වැඩි ආයුශ කෙසේ වෙතත් ඉන්න ආයුශ ලෙඩ දුකින් තොරව ජීවත් විය හැක.

 



Categories: Health and Beauty, Rugby, Sports News

Tags: , ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: