කැනඩාවේ අගමැතිටත් දඩ වදියි

මේ කතාව අපේ රටේ කට්ටියට අහලා පුරුදු නැති දෙයක් වෙන්න පුලුවන්. මොකද අපේ කවද්ද ආන්ඩු පක්ශයේ කෙනෙකුට දඩ වැදිලා තියෙන්නේ? අනික නඩුවක් දැම්මත් ඇප ලැබිලා එලියට එනවනේ. හැබැයි ලෝකේ ඉතා දියුණු රටක් වෙන කැනඩාවේ නම් එහෙම නෙවෙයි. අගමැතිටත් නීතිය එකයි. මේක කැනඩාවේ විතරක් නෙවෙයි, ලෝකේ දියුණු රටවල් ගොඩක එහෙමයි.

trudeau-vietnam-20171109කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩේයූ ට මේ දඩ මුදල නියම වෙන්නේ තෑගි ලෙස ලැබුණු අවු කණ්නාඩි යුවලක් පිළිබද ප්‍රකාශ නොකිරීම සම්බන්ධවයි. මේ කන්නාඩි දෙකේ වටිනාකම කියවෙන්නේ කැනේඩියානු ඩොලර් 300ක් වශයෙන්. දළ වශයෙන් ගතහොත් අපේ මුදලින් වටිනාකම රුපියල් 35,800ක් පමණ.

මේ සදහා ඔහුට කැනේඩියානු ඩොලර් 100ක දඩ මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. එරට නීතියට අනුව ඩොලර් 200ට වැඩි සියලුම තෑගි පිළිබදව දේශපාලකයින් විසින් වත්කම් ලෙස ප්‍රකාශ කල යුතුයි. මෙලෙස ප්‍රකාශ කිරීමට හෝ ඒවා හරවා යැවීමට ඔවුන්ට දින 30ක කාලයක් ලැබෙනවා. කෙසේ හෝ මෙහිදී අගමැති ගේ කාර්ය මණ්ඩලයට සිදුවූ අතපසුවීමක් නිසා මෙය සිදුවූ බවද පැවසෙනවා.

අපේ රටේ නම් කීයෙන් කී දෙනෙක් මේවගේ කරනවා ඇතිද? කැනඩාව වැනි රටවල් දියුණුවීමට ඉතා වැදගත් හේතුවක් වශයෙන් මෙලෙස නීතිය හරි හැටි ක්‍රියාත්මක වීම සහ රාජ්ය නිලධාරීන් පාරදෘශ්යභාවයකින් යුතුව ක්‍රියාකිරීම සදහන් කල හැකියි.



Categories: Foreign News, Politics

Tags: , ,

1 reply

  1. Ekata Mehr Dade gehuwa ekatai Dade wadinne.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: