McDonald’s, Starbucks දඩ ගසයි

එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් නිසා පරිසරයට සිදුවන්නේ දැඩි හානියක්. බොහොමයක් දෑ අපද්‍රව්ය ලෙස බැහැර කල පසු දිරාපත් වීමට සෑහෙන කාලයක් ගත වේ. සමීක්ශණ වලින් පෙන්වාදී තිබෙන පරිදි මේ ආකාරයට ගියහොත් 2050 වසර වන විට මුහුදේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්ය වල බර මුහුදු මත්සයින්ගේ බරට වඩා වැඩි වනු ඇති බවයි. ඉතින් ඉන්දියාව මේ සදහා දැන්ම තියා ක්‍රියාත්මක වී 2022 වන විට එක් වරක් පමණක් භාවිතයට ගත හැකි ප්ලාස්ටික් සම්පූර්ණයෙන්ම නවත්වන්නට උත්සාහ කරන බව කියවෙනවා.

single_plasticඅපේ රටෙත් පසුගිය වසරේ සිදුවූ කුණු කන්දේ කඩාවැටීමෙන් අනතුරුව ප්ලාස්ටික් සහ පොලිතීන් සදහා වන නීති තද කිරීමටත් එලෙස නොකරන්නන්ට විරුද්ධව දඩ ගැසීමටත් නියමිත වුනා. ඉන්දියාවත් ප්‍රාන්ථ 29න් 25ක පමණ මෙලෙස ප්ලාස්ටික් භාවිතය නීතියෙන් තහනම් වුනත් නීති ක්‍රියාත්මක වීමේ අඩුපාඩු සෑහෙන්න තිබෙන බවයි සදහන් වෙන්නේ. කෙසේ හෝ මිලියන 100ක පමණ ජනතාවක් වෙසෙන මහාරාශ්ඨ ප්‍රාන්ථය මෙමෙ නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පෙළඹී තිබේ. මෙහි මූලිකත්වය ගෙන ඇත්තේ වත්මන් ඉන්දියානු අග්‍රාමාත්ය නරේන්ද්‍ර සින් මෝඩි විසිනි.

තතු වාර්ථා වන අන්දමට McDonald’s සහ Starbucks ආයතන වලට මෙම තහනම නිසා දැඩි ලෙස දඩ නියම වී තිබෙනවා. Starbucks ආයතනය මේ පිළිබද කිසිත් ප්‍රකාශ කොට නැති අතර, McDonald’s ආයතනය විසින් ශාඛමය කොටස් වලින් සාදන ලද හැදි ගෑරුප්පු භාවිතයට ගැනීමට තීරණය කොට තිබෙනවා. එමෙන්ම එලෙස දිරාපත් වන දෑ භාවිතා කල නොහැකි අවස්ථාවලට ප්ලාස්ටික් භාවිතා කිරීම සදහා ඔවුන් අවසර ඉල්ලා සිටීමට ක්‍රියාමාර්ග ගන්නා බව පැවසෙනවා.

අපේ රටේ මෙතරම් තදින් ක්‍රියාත්මක නොවුනද ඉදිරියේදී සිදුවිය හැකි හානි සලකා පුරවැසියන් ලෙස බුද්ධිමත්ව කටයුතු කල යුතු නොවන්නේද?

තව කෙනෙකුට දැනගැනීමට Share කරන්න.



Categories: Business News, Environment

Tags: , , ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: