ඕස්ට්‍රේලියාවට අන්ත පරාජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය 5-0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබුනා. අවසාන තරගයේ කැපී පෙනෙන ඉණිමක් ක්‍රීඩා කල ජොස් බට්ලර් සිය කණ්ඩායම එක් කඩුල්ලක ජයග්‍රහණයක් කරා මෙහෙයූවේ අගනා ශතකයක් ලබා ගනිමිනි. එංගලන්තය වෙනුවෙන් දෙවෙනියට වැඩිම ලකුණු ලබාගත්තේ ඇලෙක්ස් හේල්ස් සහ රශීඩ්ය. ඔවුන් ලකුණු 20 බැගින් ලබාගත්හ.

මෙම තරගාවලියේ කැපී පෙණෙන සිදුවීම් කිහිපයක් විය.

ස්මිත් – වෝනර් ගේ අඩුව

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක සහ උපනායක ස්මිත් සහ වෝනර් ගේ අඩුව මෙම තරගාවලියේදී කැපී පෙණුනි. ලකුණු ලබා ගැනීමට වඩා ඔවුන්ගේ අත්දැකීම් සහ ආක්‍රමණශීලී නායකත්වය මෙහිදී දක්නට ලැබුනේ නැත. එමෙන්ම ජස්ටින් ලැන්ගර් ගේ පුහුණුකාරීත්වයේ විශේෂ හැකියාවක්ද පෙන්නුම් කිරීමට හැකි වුනේ නැහැ. කෙසේ නමුත් විටින් විට ක්‍රීඩකයින් ලකුණු අතරට පැමිණීම සහ කඩුලු ලබා ගැනීම ඕස්ට්‍රේලියාවට යන්තම් හෝ සතුටු වීමට හේතු ඉතිරිකර දුන්නා කිව හැක.

වැඩිම කණ්ඩායම් ලකුණු ප්‍රමානය

මෙම තරගාවලියේ තවත් විශේෂ සිදුවීමක් වූයේ එක්දින තරගයකදී කණ්ඩායමක් ලබාගෙන තිබූ වැඩිම ලකුණු ප්‍රමාණයට සම්බන්ධ වාර්ථාව අලුත් වීමයි. තරගාවලියේ තුන්වන තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 481ක් ලබා ගනිමින් තමන් විසින්ම පිහිටුවා තිබූ වාර්ථාවක් අලුත් කිරීමට සමත් විය. පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානුවන්ට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 239ක් පමණි.

වැඩිම ලකුණු සහ කඩුලු ලාභීන්

england_teamමෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් ගේ ලැයිස්තුවේ මුල් 5 දෙනා අතර සිටින්නේ එක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු පමණි. කඩුලු ලාභීන්ද එසේමය.

වැඩිම ලකුණු ලාභීන්:

  1. ජේසන් රෝයි – 304
  2. ජොනී බෙයාස්ට්‍රෝ – 300
  3. ශෝන් මාෂ් – 288 (ඕස්ට්‍රේලියා)
  4. ජොස් බට්ලර් – 275
  5. ඇලෙක්ස් හේල්ස් – 232

වැඩිම කඩුලු ලාභීන්:

  1. මොයීන් අලී – 12
  2. ආදිල් රශීඩ් – 12
  3. ලියෑම් ප්ලන්කට් – 8
  4. ඩේවිඩ් විලී – 7
  5. කේන් රිචඩ්සන් – 6 (ඕස්ට්‍රේලියා)

අවසාන තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබුවේ ජොස් බට්ලර් විසිනි. බොහෝ විචාරකයන් පවසා සිටින්නේ එදා තරගයේදී වැලි කඩදාසි භාවිතා නොකරා නම් මෙම තරගාවලිය තියුණු තරගාවලියක් වීමට ඉඩ තිබූ බවයි.



Categories: Cricket, Sports News, Uncategorized

Tags: , , ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: