දිවියා මැරීම: හරිද? වැරදිද?

“කැලෑ එලි කරලා, සත්තුන්ගේ වාසස්ථාන මිනිස්සු උදුරගෙන.” මෙය මේ ප්‍රශ්ණය දෙස බලන එක් ආකාරයකි.

“ප්‍රශ්ණය තමුන්ගේ නොවනතාක් කල් පිළිතුර දාර්ශණිකත්වයෙන් පිරුණු එකකි.” මේ එම ප්‍රශ්ණය දෙස බලන තවත් ආකාරයකි.

නියෝජ්ය ඇමති පාළිත තෙවරප්පෙරුම මහතා පවසන පරිදි වනජීවී නිලධාරීන් එහි යන විට ගම්වාසීන් ඔවුනට පහරදී එලවා ඇත. නිලධාරීන් නැවත ගොස් විශේෂ කාර්ය බලකාය රැගෙන එනවිට දිවියා මරා අවසන්ය.

වනසතුන් දඩයම් කිරීම තහනම්ය. නමුත් මෙම දිවියා විසින් දස දෙනෙකු පමණ සපා කා ඇත. ඕනෑම තැනක ගම්වාසීන්ට වනජීවී නිලධාරීන් පිළිබද විශ්වාසයක් නැත. මෙම අවිශ්වාසය, දිවියා පිළිබද ඇති බිය සමග එකතුවූ විට පිරිසක් සිටින තැනක ඔවුන්ට ගන්නට හිතෙන්නේ එක් ක්‍රියාමාරිගයකි. එනම් දිවියා මරා දැමීමයි. ප්‍රශ්ණය ඇත්තේ වීශ්වාසය නැති වීම තුලය. එනම් විශ්වාසය ඇති කල යුතුය.

Screen Shot 2018-06-22 at 1.16.26 PM.pngදිවියෙකුට මිනිසෙකු හපා කෑම ලොකු දෙයක් නොවේ. දිවියෙකු මිනිසෙකු මරා දමා සමාජ මාධ්ය තුල ප්‍රචාරය කරන්නේ නැත. නමුත් මිනිසෙකුට දිවියෙකු නොව දෙවියෙකු වුවද සතුරෙකු ලෙස පෙනුනහොත් මරා දැමීම ජයග්‍රහණයකි. සෑම රටකම යුධ ජයග්‍රහණ සැමරෙන්නේ ඒ නිසාය. නමුත් සැමරිය යුතු ජයග්‍රහණ තෝරා බේරා ගැනීම මිනිසාගේ බුද්ධියට බාරය. මෙය වනාහී සාක්ෂරථාවය යනු බුද්ධි මට්ටම මැනීමේ මිණුම් දණ්ඩක් නොවන බව සනාථ කරන සාක්ශියකි.

නගරාසන්න ප්‍රදේශවල දිවියන් නැත. දිවියන්ගෙන් තර්ජන ද නැත. නමුත් අන්තර්ජාල පහසුකම් ඇත. මුහුණු පොත, කුරුලු පොත යනාදී විව්ධ සමාජ ජාලා තුල ක්‍රියාකාරී පුද්ගලයින් වැඩිය. ඔවුනට සාපේක්ෂව මේ දිවියා මරාදැමූ පිරිස නොමිනිසුන්ය. ඝාතකයින් සිරබත් කල යුතුය. ඝාතකයින් හමගැසිය යුතුය. ඔබලා නගරයට කොටි ආ දවසට වෙරලු, ජඹනාරන් කන්නට දී කොටි සුරතල් කරයිද?

අදහස් සදහා විවෘතයි.



Categories: Environment

Tags: ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: