ගෝලයක් නිසා මරු දුටු එස්කෝබාර්

පාපන්දු උණුසුමත් එක්ක දැන් ඉතිහාසය හාරා අවුස්සා බලන කාලය ඇවිත්. කණ්ඩායම් කීයක් තරග කලත් අවසානයේ ජය ගන්නේ එක කණ්ඩායමයි නේ. ඉතින් හුගක් වෙලාවට ප්‍රේක්ෂකයින් ගෙදර යන්නේ කලකිරුණු සිතින්. ඉන්දියාවේ වගේ නම් ගෙවල් ගිණි තියන, රූපවාහිනී කුඩු කරන වගේ දේවල් පරාජයකදී අමුතු දේවල් නෙවෙයි. මේ කියන්න යන්නේ ඉන්දියාව ගැන නම් නෙවෙයි. කොලොම්බියාවේ ක්‍රීඩකයෙකුට අත් වුන අවාසනාවන්ත ඉරණමක් ගැන. ඔහු නමින් ඇන්ඩ්‍රෙ එස්කෝබාර් (Andres Escobar).

Cameroon versus Colombiaමේ සිද්දිය සිදුවන්නේ 1994 පාපන්දු ලෝක කුසලානයෙන් අනතුරුවයි. කොලොම්බියානු කණ්ඩායම ලෝක කුසලානයට යන්නේ ලොකු බලාපොරොත්තු පොදි බැදන්. මොකද ඊට ටික කාලෙකට කලින් ඔවුන් ආජන්ටිනාව 5-0ක් ලෙස පරාජය කරලා තිබ්බ්බා. මේ කණ්ඩායමේ සිටින ආරක්ශිත කලාපයේ ක්‍රීඩකයෙක් (Defender) තමා එස්කෝබාර්. ඔහුගේ ක්‍රීඩා විලාශය සහ පිටිය මැදදී තිබුන හොද හැසිරීම නිසා ඔහුව හැදින්වුනේ මහත්මයෙක් (The Gentleman) විදියට.

කොලොම්බියාව පලමු වටයේදී තරග වැදුනේ ‘A’ කාන්ඩයෙන්. ඔවුන් පලමු තරගයේදී රොමේනියාව හමුවේ 1-3ක් ලෙස පරාජයට පත් වුනා.

දෙවන තරගය පැවතුනේ සත්කාරක ඇමරිකා කණ්ඩායමට එරෙහිවයි. මෙම තරගය ඔවුන් පරාජය නොවී සිටිය යුතුව තිබුණා. නමුත් 35වන විනාඩියේදී අවාසනාවන්ත ලෙස එස්කෝබාර්ගේ පාදයේ වැදුනු පන්දුව කොලොම්බියාවේම ගෝල් කණුව ඇතුලට යනවා. ඇමරිකාව 1-0ක් ලෙස පෙරමුණ ගන්නවා. 52වන විනාඩියේදී ඇමරිකාව විසින් තවත් ගෝලයක් ලබාගෙන 2-0ක් ලෙස පෙරමුණ ගනිද්දී කොලොම්බියාවේ බලාපොරොත්තු කෙමෙන් ගිලිහී යනවා. කෙසේ හෝ 90වන විනාඩියේදී කොලොම්බියානු ක්‍රීඩක වැලෙන්සියා(Valencia) විසින් ගෝලයක් වාර්ථා කොට තරගය 2-1ක් ලෙස නිමා වෙනවා.

ක්‍රීඩාව අවිනිශ්චිතයි. නමුත් බොහෝ දෙනෙක් එස්කෝබාර්ට මේ සම්බන්ධව දෝශාරෝපණය කරනවා. ඔවුන් දෙවන වටයට සුදුසුකම් ලැබීමට නම් වැඩි පරතරයක් සහිතව තෙවන තරගය ජයගත යුතුව තිබුනා. නමුත් ඔවුන් තෙවන තරගයේදී ස්විට්සර්ලන්තය පරාජය කරන්නේ 2-0ක් ලෙස පමණයි. මේ ජයග්‍රහණය ඔවුන්ට දෙවන වටයට සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් වන්නේ නෑ.

Screen Shot 2018-06-14 at 2.41.25 PM

උණ්ඩ 6ක් රථගාලේදී

හිස් අතින් සිය රටට යලි පැමිණි ක්‍රීඩකයින්ව එතරම් පිලිගැනීමකට ලක්වෙන්නේ නෑ. ඔවුන් තරගාවලියෙන් ඉවත්වී දින 5කට පසු යෙදුනු ජූලි පලමු වනදා එස්කෝබාර් තම මිතුරන් පිරිසක් සමග විනෝද වීමට සමාජශාලා කිහිපයකට යනවා. පසුදා උදෑසන 3පමණ වනතෙක් මිතුරන් සමග විනෝද වන ඔහු අවසානයේ සිටි සමාජ ශාලාවේ රථගාලේ තනි වෙනවා. මේ අතරේ මෙතනට නාදුනන පුද්ගලයින් තිදෙනෙක් පැමිණ එස්කෝබාර් සමග ආරවුලක් ඇති කරගන්නවා. මෙහිදී එක් පුද්ගලයෙක් තම මිලිමීටර් 38 උණ්ඩ සහිත පිස්තෝලයෙන් උණ්ඩ 6ක් එස්කෝබාර්ට වෙඩි තියනවා. මේ සෑම උන්ඩයක් පාසාම වෙඩි තැබූ පුද්ගලයා ගෝල් යැයි කෑගසනවා. ලේ ගලන එස්කෝබාර් එතන දමා ඔවුන් පලා යනවා. රෝහලට ඇතුලත් කොට මිනිත්තු 45කින් පමණ එස්කෝබාර් මිය යනවා.

වෙඩිකරු – හම්බර්ටෝ කැස්ට්‍රෝ මූනෝස්

escobar_murdererවෙඩි කරු එදිනම පොලීසිය විසින් අල්ලාගන්නවා. ඔහු මත්ද්‍රව්ය ජාවාරම් සදහා බෙහෙවින් සමීපතමයෙක් වන අතර කොලොම්බියාවේ පරාජය නිසා විශාල ඔට්ටු මුදලක් පරාජය වූ සැන්ටියාගෝ ගැලෝන් නමැත්තාගේ රියදුරු ලෙසද වෙඩිකරු කලක් ගතකොට තිබෙනවා. 1995 ජූනි මාසයේදී වෙඩිකරු ව වසර 43ක සිරදඩුවමකට යටත් කෙරෙනවා. පසුව ඔහුගේ අභියාචනය නිසා වසර 26කට මෙය අඩු කෙරෙනවා. නැවතත් ඔහුගේ යහපත් කල්ක්‍රියාව පාදක කොටගෙන වසර 11කට පසුව 2005දී ඔහුව නිදහස් කෙරෙනවා. මොහු විසින් මරණය සිදු කලේ ගැලෝන් සහ ඔහුගේ සහෝදරයාගේ අණ මත පමණක් බවට පසුව අනාවරණය වෙනවා.

අදටත් ගරු කරයි

එස්කෝබාර් යනු කොලොම්බියාව පිලිබද ධනාත්මක සිතුවිල්ලක් ලෝකයාට ගෙන යාමට උත්සාහ කල අයෙක්. ඔහුගේ අවසන් කටයුතු සදහා ලක්ශයකට අධික පිරිසක් පැමිණි බවට සදහන් වෙනවා. ඔහුගේ පිළිමයක් ඉදිකොට ඔහුට ගරු කෙරෙන අතර එස්කෝබාර් පදනම නමින් ආයතනයක් පිහිටවා කුඩා දරුවන්ට පාපන්දු ක්‍රීඩාව පුහුණු කිරීමට එස්කෝබාර්ගේ පවුලේ සාමජිකයින් කටයුතු කරනවා.

 



Categories: Football, Sports News

Tags: ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: