සිංගප්පූරුවේදී හමුවූ න්‍යශ්ඨික බලවතුන්

ලොවක් කැලඹූ හුදෙකලා රාඡ්‍යක් ලෙස පාලනය කෙරෙන්නාවූ උතුරු කොරියාවේ නායකයා සහ ඇමරිකාවේ ජනාධිපති අතර හමුවක් අද සිංගප්පූරුවේදී සිදු වුනා.

trump_kim_2උතුරු කොරියාව යනු ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය ඇසීමට පවා අයිතියක් නැති රටක් වන අතර දැඩි නීති රීති සහ සීමා යටතේ පාලනය වන රටකි. ලොව දිලිදුකම ඉතා අධික රටක් වශයෙන් සැලකෙන කොරියාවේ අන්තර්ජාල පහසුකම් ඇත්තේ 1%කට පමණි. ඔවුන්ව පවා දැඩි ලෙස පාලනය කොට ඇසිදිසි මායමේ තබාගෙන සිටී. විදේශ සංචාරකයන් සදහා ඇත්තේ සීමිත පහසුකම් වන අතර ඔවුන්ට නවාතැන් හිමි වන්නේ දූපතකය. ඔවුන්ට නිදහසේ මහ මග ඇවිදිය නොහැකි අතර රජය මගින් අනුමැතිය ලද සංචාර සංවිධායකයෙකු සමග ගමන් කල යුතුය.

පසුගිය වසර කිහිපය පුරාම උතුරු කොරියාව මගින් සිදු කල න්‍යශ්ඨික අත්හදා බැලීම් සහ අනෙකුත් මිසයිල අත්හදා බැලීම් නිසා ඇමරිකාව සහ ඇමරිකානු ගැති රටවල් අනතුරු අගවා තිබුණි. කෙසේ නමුත් චීනය සහ රුසියාව දිගින් දිගටම සෘජු හා වක්‍ර ආකාරයෙන් උතුරු කොරියාවට සහය දෙනු ලැබීය.

trump_kim_3මෙම ඉතිහාසගත සමුලුව සිංගප්පූරුවේදී පැවැත්වීමට කටයුතු යෙදෙන්නේ චීනයේ මැදිහත්වීම මතය. ඇමරිකානු ආර්ථිකයේ වැඩිම ආනයන කොටසකට හිමිකම් කියන චීනය, උතුරු කොරියාවට ගුවන් ගමන් සලසාලන එකම රට ද වේ.

මෙම හමුවීම ඉතාමත් සාර්ථක එකක් වූ බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම කිම් ජොන් උන් ද ප්‍රකාශ කොට තිබේ. න්‍යශ්ඨික අවි අතහැරීමට තමන් සූදානම් වග උතුරු කොරියානු නායකයා පවසා ඇති බවද සදහන් වේ. මෑත ඉතිහාසය පුරාම ඇමරිකාව විසින් න්‍යශ්ඨික අවි ඇතැයි ප්‍රකාශ කරමින් රටවල් කිහිපයකට පහර දුන්නද, උතුරු කොරියාවට පහර දුන්නේ නැත. එමෙන්ම මෙලෙස අනෙකුත් අරටවල යුද්ධ ඇති කිරීමට විශාල අකමැත්තක් වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා නිතර පවසා තිබේ.



Categories: Foreign News

Tags:

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: