FIFA 2018 ජයග්‍රහණය කාටද?

fifa_2018ලොවපුරා පාපන්දුවේ උණුසුම වැඩි කරමින් පාපන්දු කුසලානය ජූනි 14 වෙනිදා ආරම්භ වෙනවා. මෙවර සත්කාරකත්වය දරන්නේ රුසියාවයි. මෙවර ලෝක කුසලානය ජනප්‍රිය ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ අවසාන ලෝක කුසලානය වනු ඇත. 30 වියැති Lionel Messi සහ 33 වියැති Christiano Ronaldo ඒ අතරින් විශේෂිත නම් දෙකක්.

උණුසුම වැඩිවෙත්ම බොහෝ දෙනා මේ පිළිබදව විවිධ මත පල කිරීමට පටන් අරගෙන. අපේ වාසනාවට ලංකාව සුදුසුකම් ලබා නැහැ. එහෙම උනා නම් ඉතින් හිතේ ගින්දරින් එලි වෙනකන් බලන්න වෙනවා.

  • ජර්මනිය

2014දී බ්‍රසීලයට අන්ත පරාජයක් අත්කරදීලා ආජන්ටිනාවට අවසන් තරගයේදී පැරැද්දුවේ ජර්මනියයි. කණ්ඩායමක් විදියට කටයුතු කරද්දී මොවුන්ගේ සාර්ථකත්වය හුගක් කැපිලා පෙනුනා. වෙන කන්ඩායම් ගොඩක්ම උත්සාහ කලේ තමුන්ගේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වටා අනික් අයව රොක් කරන්න. නමුත් ජර්මනිය ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අතර පන්දුව හුවමාරු කරගෙන ගෝල් වාර්ථා කලා.

  • ආජන්ටිනාව

messi_w2014 වසරේදී අනුශූරයින් වුනාට ඒ කණ්ඩායමේ ශක්තිය තවත් වැඩිවී ඇති බව තමයි පැවසෙන්නේ. Messi, Higuain සහ Di Maria වැනි ක්‍රීඩකයින්ගේ අත්දැකීම් සහිතව නවකයින් කිහිප දෙනෙකුත් එකතු වෙලා තියෙනවා.

 

  • බ්‍රසීලය

කණ්ඩායම් ක්‍රීඩාවක වුවද මානසිකත්වය කෙතරම් වැදගත්ද කියන පාඩම 2014දී බ්‍රසීලය අපිට පෙන්වා දුන්නා. Neymar ආබාධයකට ලක්වුනාට පස්සේ මොවුන් 7-1ක් ලෙස කර්මනියට පරාජයට පත් වුනා. නමුත් මෙවර ඔවුන් ඊට වඩා ශක්තිමත් කියා පැවසෙනවා. පසුගිය වර පරාජයෙන් පස්සේ කිහිප වතාවක්ම ජර්මනිය පරාජයට පත් කිරීමට ඔවුන්ට හැකි වුනා.

  • ස්පාඤ්ඤය

spain_winnerබාසිලෝනා, මැඩ්‍රිඩ් වගේ නම් දරාපු කණ්ඩායම් වල සිටින ක්‍රීඩකයින් බොහොමයකගෙන් ස්පාඤ්ඤය සමන්විත වෙනවා. 2010 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කලාට පස්සේ පසුගිය වර මගහැරුණු වාඩුව ගන්න ඔවුන් සූදානමින් ඉන්නේ.

 

මීට අමතරව ප්‍රංශය වැනි කණ්ඩායම් වලින්ද හොද සටනක් ලැබෙනු ඇතැයි සැලකෙන අතර Christiano Ronaldo, Mo Salah වැනි ක්‍රීඩකයන්ගේ දක්ශතා බලාගැනීමට අපට අවස්ථාව ලැබෙනු ඇත.



Categories: Football, Sports News

3 replies

  1. Argentina win 2018 w/c

    Like

  2. Argentina

    Like

  3. Brasil

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: