පිලිකා අඩුම රටවල් අතරට ලංකාව

මනුස්සයෙක් මැරෙන්න විදි ඕන තරම් තියෙනවා. ඒත් පිලිකාවක් කියන්නේ ඔය අතරින් අප්‍රසන්නම විදියක්. තමුන්ට පමණක් නොව තමුන් වටා සිටින හුගක් දෙනෙක්ට දැඩි පීඩාවක් ගෙන දෙන රෝග කොඨ්ඨාශයක් තමයි පිලිකා කියන්නේ. හදවත් රෝග, සීනි අමාරු වගේ දේවල් වලට කොතරම් බෙහෙත් හොයාගෙන තිබුනත්, පිලිකාවක් වගේ දේකට බෙහෙත් දීල සුව කරන්න වෙන අවස්ථා අඩුයි. මේකට හේතුව පිලිකාවක් හදුනාගන්න ප්‍රමාද වීමයි. සමහර විට අපිට වැඩිය නොපෙනෙන තැනක තියෙන බිබිලක් වෙන්න පුලුවන්. තවත් විටෙක අපි ගනන් ගන්නේ නැති වෙනසක් වෙන්න පුලුවන්. දන්නේම නැතුව මාරයා අපි සොයාගෙන ඇවිත්.

වෙන රෝග වගේ නෙවෙයි, මේකට වයස බාධාවක් නෑ. තමුන්ගේ දරුවා පිලිකාවකට ගොදුරු වෙලා පවුල් පිටින් අසරණ වුනු අවස්ථා ඕනෑ තරම්. ඉතින් අපි හැමවිටම පාර්ථනා කරන්නේ කාටවත් කොයි ආකාරයකවත් පිලිකාවක් හැදෙන්න එපා කියලා.

කෙසේ හෝ අවසානයේ වොශින්ටන් සරසවියේ පිරිසක් කරන ලද සමීක්ශණයක ප්‍රතිඵල මෑතකදී පිටත්වී තිබෙනවා. ඔවුන් මේ සදහා රටවල් 195ක පිළිකා වර්ග 29ක් පිලිබදව පරීක්ශා කොට තිබෙනවා.

2016 වසරේදී අලුතින් වාර්ථා වූ පිලිකා රෝගීන් වැඩිම රටවල් සහ අඩුම රටවල් මෙසේය. මෙහි දැක්වෙන්නේ පුද්ගලයින් ලක්ශයකට සිටින රෝගීන් ගණනයි.

Screen Shot 2018-06-06 at 3.06.27 PM

මෙහි දැක්වෙන පරිද්දෙන් ශ්‍රී ලංකාවේ තත්වය සාධනීයය. නමුත් මෙහි ඇති වේදනාව පිලිකාවකට ගොදුරු වූ පුද්ගලයෙකුගේ පවුලේ අයෙකුගෙන් අසා දැනගත හැක. එබැවින් මෙය ජයග්‍රහණයක් ලෙස සැලකිය නොහැක. කෘතීම රසකාරක සහිත ක්ෂණික ආහාර භාවිතය සාපේක්ශව අඩු වීම, මෙයට හේතු විය හැක.

2016 වසරේදී සිදුවූ මරඛ පිළිබද දත්ත මෙලෙසය.

Screen Shot 2018-06-06 at 3.12.05 PM

පිළිකා සෑදීමේ අවදානමක් අප සැමට පවතී. එබැවින් එම හැකියාව අවම කරගැනීමට ගත හැකි පියවර පිළිබද සටහනක් ලගදීම බලාපොරොත්තු වන්න.

ඩේලි මේල් ඇසුරෙනි.



Categories: Health and Beauty

Tags: ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: