බංගලියන් ඇෆ්ගනිස්ථානය හමුවේ දණ නමයි

ලංකාව පරදා නාග නර්ථනයෙන් පිටිය වර්ණවත් කොට, පසුව වීදුරු කුඩු කරනලද ඉතිහාසයකට උරුමකම් කියන බංගලාදේශය ඇෆ්ගනිස්ථානය හමුවේ 0-2ක් ලෙස පරාජය වී තිබෙනවා. තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේදී බංගලාදේශය මෙවන් නින්දිත පරාජයක් ලැබුවේ ඇෆ්ගනිස්ථාන දග පන්දු යවන රෂීඩ් කාන් ඇතුලු බලඇණියේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේය.

Rashid_Khan

Photo by AFP

මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ එය ඉන්දියාවේ පැවතීමයි. පලමුවන තරගයේදී ඇෆ්ගනිස්ථානය කඩුලු 8කට ලබාගත් ලකුණු 167ට පිලිතුරු වශයෙන් බංගලාදේශයට ලබාගත හැකි වූයේ ලකුණු 122ක් පමණි.

දෙවන තරගයේදී බංගලාදේශය කඩුලු 8කදී ලබාගත් ලකුණු 134, කඩුලු 4ක් පමණක් දැවී ඇෆ්ගනිස්ථානය විසින් ලබාගනු ලැබුවා.

තරග දෙකේදීම තරගයේ වීරයා වූ රෂීඩ් කාන් හමුවේ අත්දැකීම් බහුල බංගලාදේශ ක්‍රීඩකයන් වන ශකීබ් අල් හසාන්, මුස්පිකර් රහීම්, මහමදුල්ලා වැනි ක්‍රීඩකයින් හට දන නැවීමට සිදුවිය.

දෙවන තරගය අවසානයේදී රෂීඩ් කාන් කියා සිටියේ ඔහු සරල මූලධර්ම වලට අනුව පන්දු යැවූ බවත් මෙය ක්ණ්ඩායමේ ජයග්‍රහණයක් බවය. එමෙන්ම පැමිණ සිටි ප්‍රේක්ශකයන්ට ස්තූතිවන්ත වූ ඔහු තුන්වන තරගයටද පැමිණෙන ලෙස ආරාධනා කර සිටියා.

20-20 තරගාවලිය අවසානයේ ඉන්දියාවත් සමග ටෙස්ට් තරගයකටද සහභාගීවීමට ඇෆ්ගනිස්ථානයට අවස්ථාව උදාවී තිබෙනවා. ප්‍රභල පන්දු යැවීමේ බලඇණියක් හමුවේ ඉන්දියාවට ඔවුන් විශාල තර්ජණයක් වනු ඇත. කෙසේ නමුත් මෑත ඉතිහාසයේ ලංකාවත් සමග ඇෆ්ගනිස්ථානය කරග නොවැදීම අපට හොද බව කතෲගේ අදහසයි.



Categories: Cricket, Sports News

Tags: , , ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: