කොදෙව්වන් හමුවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙවු පිල අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජූනි 6 වෙනිදා ආරම්භ වෙනවා. මේ කණ්ඩායම් දෙක අතර ඉතිහාසය පිලිබද අපි තරමක් සොයා බලමු.

1993 පලමු වරට මේ දෙපිල අතර තරගයක් පැවැත්වෙන්නේ 1993 වසරේ මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේදීයි. මෙම දින 6 තරගයේ දින 3ක් වර්ශාවෙන් සේදී යන අතර ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේ ලබාගන්නා ලකුණු 190ට පිලිතුරු ලෙස බරහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම ලකුණු 204ක් ලබා ගන්නවා. කර්ට්නි වෝල්ෂ්, කර්ට්නි ඇම්බ්‍රෝස්, වින්සන් බෙන්ජමින් යන්නන් හමුවේ අරවින්ද ද සිල්වා ලකුණු 53ක් ලබාගෙන ප්‍රථම ඉනිමේ වැඩිම ලකුණු ලාභී ශ්‍රීලාංකිකයා වෙනවා. දෙවන ඉනිමේදී ශ්‍රි ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 43ක් ලබා සිටියදී තරගය නවත්වනු ලබනවා.

Laraදෙපිල අතර ටෙස්ට් තරගාවලි 8ක් මේ දක්වා පවත්වා ඇති අතර ඉන් 3ක් ශ්‍රී ලංකාවද, 2ක් බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමද, තරගාවලි 3ක් ජය පරාජයකින් තොරව නිමා වෙනවා. අවසන් වතාවට කණ්ඩායම් දෙක මුණගැසුනේ 2015 ඔක්තෝබර මාසයේ වන අතර එම තරගාවලිය 2-0 ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා. අවසාන වතාවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියක් ජයගත්තේ 2003 දී වන අතර ඉන් පසු පැවති තරගාවලි 4කදී පැවති තරග 9කින් ඔවුන් ජයගන්නේ එක් තරගයක් පමණි.

දෙපිල මුණගැසීම් වලදී වැඩිම ලකුණු ලාභියා බ්‍රයන් ලාරා වන අතර, ඔහු 86.53ක සාමාන්යයක් සහිතව ලකුණු 1125ක් ලබාගෙන ඇත. දෙවන වැඩිම ලකුණු ලාභියා කුමාර් සංගක්කාර වන අතර ඔහු ලකුණු 918ක් ලබාගෙන ඇත්තේ සාමාන්ය 54.00ක් සහිතවයි.

Muralidaranමුත්තයියා මුරලිදරන් කඩුලු 82ක් ලබාගෙන වැඩිම කඩුලු ලාභියා වන අතර, දෙවනුව සහ තෙවනුව පිලිවෙලින් චමින්ද වාස් සහ රංගන හේරත් කඩුලු 55 සහ 23 බැගින් ලබාගෙන තිබෙනවා.

කණ්ඩායමක් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය කඩුලු 9කට ලකුණු 627ක් වන අතර, එහිදී හශාන් තිලකරත්න ලකුණු 204ක් ලබාගෙන නොදැවී සිට තිබෙනවා.

2015 වසරේ පැවති තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් වූයේ දිමුත් කරුණාරත්න (199), දිනේශ් චන්දිමාල් (188) සහ ඩැරන් බ්‍රාවෝ (144) ය. වැඩිම කඩුලු ලාභීන් වන්නේ රංගන හේරත් (15), ධම්මික ප්‍රසාද් (9) සහ මිලින්ද සිරිවර්ධන (7) යි.

මෙලෙස සලකා බැලෙන කල ශ්‍රී ලංකාවට ඉතාමත් වැඩි වාසියක් සහිත වන අතර රංගන හේරත්ගේ දග පන්දු යැවීම් හමුවේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් 2015දී මෙන් අසරන වනු ඇතැයි නිගමනය කල හැක. චන්දිමාල් පුහුණු තරගයේදී ලබාගත් ශතකයත්, රොශේන් සිල්වාගේ අසාමාන්ය වූ ඉණිමක සාමාන්ය ලකුණු ප්‍රමාණය පිතිකරණ බලඇණිය සවිමත් කරනු ඇත. එබැවින් මෙම තරගාවලිය මෑත කාලීන ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ශකයාට වෙනස්ම අත්දැකීමක් වෙනු ඇතැයි කියවේ.



Categories: Cricket, Sports News

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: