සුපිරි පලාත් සීමිත ඕවර වීරයෝ

පහුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කල සුපිරි පලාත් පන්දුවාර 50 තරගාවලියේ ප්‍රථම වටයේ තරග අවසන් උනා. අවසන් තරගය තාමත් පැවැත්වීමට හැකියාව ලැබී නැත්තේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්.

තරගාවලියේ පෙරමුණ ගෙන ඉදිරියෙන්ම සිටියේ උපුල් තරංගගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායම. පිලිවෙලින් දෙවන, තෙවන සහ අවසන් ස්ථාන ලබා ගෙන සිටින්නේ කොලඹ, දබුල්ල සහ නුවර කණ්ඩායම්.

Ashan-Priyanjan

තරගාවලියේ වැඩිම ලකුනු ලාභියා වන අශාන් ප්‍රියංජන් ලකුනු 279ක් ලබාගෙන ඇති අතර, දඹුලු කන්ඩායම අවසන් තරගයට සුදුසුකම් නොලැබීම නිසා අවසන් තරගයෙන් පසුව තතු වෙනස් වීමට වැඩි සම්භාවිතාවක් පවතී. ප්‍රියංජන් ගේ ලකුණු ගොන්නට ශතක 1ක් සහ අර්ධ ශතක 2ක් ඇතුලත් වේ.

පිලිවෙලින් වැඩිම ලකුනු ලාභීන් මෙසේය.
1. අශාන් ප්‍රියංජන් – 279 (වේගය 84.03)
2. ශෙහාන් ජයසූරිය – 275 (වේගය 107.42)
3. උපුල් තරංග – 272 (වේගය 112.39)

 

 

Malinda-pushpakumaraතරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ මලින්ද පුශ්පකුමාර. ඔහු ඉනිම 4කදී ලකුනු 134කට කඩුලු 12ක් ලබාගෙන අන් සැමෝටම වඩා ඉදිරියෙන් සිටින්නේ ඔහුගේ කඩුලු ලබාගැනීමේ සාමාන්යය 11.16ක් බැවිනි.

පිලිවෙලින් වැඩිම කඩුලු ලාභීන් මෙසේය.
1. මලින්ද පුශ්පකුමාර – 12 (සාමන්යය 11.16)
2. ඉසුරු උදාන – 10 (සාමාන්යය 25.90)
3. දසුන් ශානක – 9 (සාමාන්යය 18.44)

විටින් විට දොරකඩට කැදවන මලින්ද පුශ්පකුමාර වැනි ක්‍රීඩකයින්ට සීමිත පන්දුවාර තරග වලදී හෝ ස්ථානයක් නොලැබෙන්නේ මන්ද?

දත්ත, ඡායාරූප – SriLankaCricket.com/ EspnCricinfo.com අඩවිය



Categories: Cricket, Sports News

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: