හදවත රැකගන්න උපකාරී කෑම

ඉස්සර අපේ මුතුන් මිත්තෝ මහන්සි වෙලා වැඩ කලා. තුන්වේල රතු කැකුලු බත් කෑවා. ගමේ කොටුවෙන් එලවලු කඩාගත්තා, රසායනික ද්‍රව්ය දාලා නැති මස් මාලු කෑවා. ඒත් අද අපි? මුතුන් මිත්තෝ වගේම බඩ පිරෙන්න කනවා. හැබැයි මහන්සි වෙන්නේ නෑ. බත් වෙනුවට කන්නේ ෆ්‍රයිඩ් රයිස්. අපි කන මස් වල නොයෙකුත් විශ රසායනික ද්‍රව්ය දාලා. කොටින්ම කියනවා නම් අපි කන්නේ ශරීරයට අහිතකර කෑම. ඉතින් මෙහෙම කෑවාම, 40 ලැබුවා විතරයි එනවා කොලෙස්ටරෝල්, සීනි අමාරු, පපුවේ අමාරු සහ නවතම සාමාජික වකුගඩු අමාරු.

heart-healthy-foods.jpgදැන් මේ කියන්න යන්නේ හදවත රැකගන්න උපකාරී වෙන කෑම කිහිපයක් ගැන. අපි සමහරවිට මේවා ගැන දැනුවත් නෑ, නැත්නම් උනන්දුවක් නෑ. මොනා උනත් මේ ආහාර පවා සීමාවක් ඇතුව ගන්න ඕනේ. උදාහරණයක් විදියට වයින් හොදයි කියලා දවසට වයින් බෝතලයක් බොන එක හොද නෑ. වෙන ලෙඩක් හැදිලා ඊට කලින් මැරේවි.

  • Oats

සමහර විට හිතෙනවා ඇති මෙලෝ රහක් නෑ කියලා. නෑ එහෙම නෑ. යෝගට් එකක්, කිරි ටිකක් එක්ක දාලා හොදට රසට හදාගන්න පුලුවන්. අනික හදාගන්න කියලා ලොකු මහන්සියක් වෙන්න ඕනේත් නෑ. පැකට් එක කැඩුවා දාගත්තා කෑවා. උදේට නොයෙකුත් short eats කන අයට එහෙම ඒවා නොකා oats ටිකක් කන්න පුලුවන්නම් සෑහෙන හොදයි. මේවායේ තියෙන තන්තු සහිත බව කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය අඩු කරන්න හේතු වෙනවා කියලයි කියන්නේ.

  • Berries

Blueberry, Strawberry සහ අනෙකුත් වර්ග ආහාරයට එකතු කරගැනීම හොදයි කියලා තමා කියන්නේ. 2013 වසරේදී වයස 25-42 අතර කාන්තාවන් යොදාගෙන කරපු පරීක්ශණයකදී හෙලි වෙලා තියෙන්නේ සතියකට තුන් වතාවකට වඩා berry වර්ග කාපු කාන්තාවන්ගේ හදවත් අමාරු සෑදීමේ ප්‍රතිශතය 32%ක් අඩු බවයි.

  • Dark Chocolate

කියනවානම් කන්න පුලුවන් නේද ඇති තරම්. හැබැයි වැඩිය කාලා සීනි අමාරු හදාගන්න එපා. Dark Chocolate කියලා කියන්නේ 60-70%ක පමණ ප්‍රතිශතයක් කොකොවා යොදාගෙන හදන චොක්ලට් වලට. මේක හොදයි කියලා හොයාගෙන තියෙන්නේ 2012දී. හැබැයි නිතර දකින්න තියෙන Milk Chocolate වල නම් මෙහෙම කිසි හොදක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. හොයන්න මහන්සි වෙන්නත් එපා.

  • අල සහ තක්කාලි

මේ ජාති දෙකේම පොටෑසියම් තියෙනවා. පොටෑසියම් ශරීරයට හොදයි. හැබැයි අල පෙති බැදලා කන්න ගියොත් නම් තේරුමක් වෙන්නේ නෑ. මොකද ඒවායෙ තෙල් වැඩියි විතරක් නෙවෙයි, පිලිකාකාරකත් අඩංගුයි කියලයි කියන්නේ.

  • Nuts

තන්තු පමනක් නෙවෙයි ශරීරයට හිතකර විටමින් E මේවායේ අඩංගුයි. Almond, Walnuts, Pistachio යන ආහාර නිතර ආහාරයට ගැනීම සුදුසු බවයි පැවසෙන්නේ. මේවා කද්දි ලුනු දාලා රස කරලා නම් කන්න එපා. තේරුමක් නෑ. අනික හැමදාම එකම ඇටේ කන එකත් එපා වෙයි. ඒනිසා මේවා වරින් වර වෙනස් කරලා කන්න කියලා තමා කියන්නේ.

මේවාට අමතරව Olive, Wine, Grean tea වගේ ආහාරත් තරමකට ගැනීම හොදයි කියලා කියනවා. හැබයි සීමාවක් ඇතුව පාවිච්චි කරන්න.



Categories: Health and Beauty, Heath Tips

Tags: ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: