ලංකාවේ ක්‍රිකට් විනාසද?

srilanka_cricket_lossඔන්න දැන් අල් ජසීරාවෙන් වීඩියෝ එකක් එලි වෙලා තියෙනවා අපේ රටට සම්බන්ධ ක්‍රීඩකයින් තිදෙනෙක් තරග පාවාදීම සහ පිටිය සැකසීම් වලට සම්බන්ධයි කියලා. ක්‍රිකට් ආයතනය නම් කියන්නේ ඒගොල්ලෝ පිටිය හැදුවේ ක්‍රීඩකයින්ට උවමනා විදියට කියලා.

අහලා තියෙනවාද මේ රටේ කවුරු හරි “අපි හොරු, අපි හොරකම් කලා, සමාවෙන්න” කියලා කියනවා? කොහොම හරි මේකෙන් කියවෙන්නේ අපේ රටේ ක්‍රිකට අදුරු යුගයකට යනවා කියන එක තමා.

පහුගිය වසර දෙක බැලුවොත් එහෙම අපි මදි නොකියන්න පැරදිලා කියන්න මෙන්න මේ දත්ත බැලුවාම ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්.

වසර Test ODI T20
Wins Losses Draws Wins Losses Wins Losses
2016 5 3 1 6 9 3 13
2017 4 7 1 5 23 5 10
  • මාලිංග ගේ ප්‍රකාශය

මතක ඇති ලසිත් මාලිංග දවසක් කියනවා සමහර තණතිලි හදද්දී සිදුවුන අක්‍රමිකතා සම්බන්ධව. කොහොමෙන් කොහොම හරි එදායින් පස්සේ මාලිංග ලංකාවට ක්‍රිකට් ගහනවා දකින්න ලැබුනේ නෑ.

  • පානදුර ක්‍රීඩා සමාජය සහ කලුතර ක්‍රීඩා සමාජය අතර තරගය

මේක මෑත ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ද වූ සිද්දියක්. කොහොම හරි චාමර සිල්වා අන්තිම දවසේ මැච් එකට ආවේ නැහැ කියලා වගේ දේකට තරග තහනමකට ලක් වුනා. දන්න තරමට නම් මේ විභාගය වුන විදිය වෙනස් කරන්න තිබ්බා කියලා එවකට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ප්‍රකාශ කොට තිබුනා.

  • ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ FCID සංචාරය

Sri Lanka cricket skipper Angelo Mathewsමේක තමා 2016 වසරේ ප්‍රසිද්ධම නාටකය. අපේ ක්‍රීඩකයින්ට පිලිතුරු දෙන්න FCID එකට පවා යන්න සිද්ද වුනා. නෙට් බෝලර් කෙනෙක් විදියට හිටිය පුද්ගලයෙකු සහ එවකට වේග පන්දුයවන පුහුණුකරුවෙකු සම්බන්ධව චෝදනා සහ තහනම් එල්ල වුනා. පේනවානේ මේ දවස් වල අපේ වේග පන්දු යවන්නන්ගේ දස්කම්.

 

 

කොහොමෙන් කොහොම හරි රටේ කීර්තිය යට යන එක එන්න එන්නම වැඩි වෙලා තියෙන්නේ. යන්තම් හරි ලැජ්ජාවෙන් බේරෙන්න පුලුවන් වෙන්නේ අර ඕස්ට්‍රේලියාවේ උන් ටිකකුත් ලගදි වැලි කඩදාසි කේස් එකකට අහු වුන නිසා.

ICC එකේ Team Rankings බැලුවාම අපි කොච්චර පහලට ගිහින්ද කියන එක හොදට බලාගන්න පුලුවන්.

  • Test – 6
  • ODI – 8
  • T20 – 9, 8 වන ස්ථානයේ සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි.

දවසින් දවස පහලට යන ක්‍රීඩාවට තැනක් දීමට නම් මීට වඩා හොද සැලසුම්, ක්‍රීඩක විනය දියුණු කිරීම් සහ දැඩි තීරණ ගන්න වේවි. ඒ විතරක් නෙවෙයි, නිතර ඉන්ජරීස් වලට ලක්වෙන ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කර තියන්න වේවි. මොකද කන්ඩායමක් විදියට ඉස්සරහට යද්දි හොද සංයෝගයක් දිගටම තියාගන්න ඕන නිසා. එහෙම නැතුව කොච්චර ලාභ ලැබුවත් වැඩක් නෑ. මොකද මැච් දින්නේ නැත්නම් ඔය ලාභ ගැණිලි වැඩි කල් තියෙන්නේ නෑ.



Categories: Cricket, Sports News

Tags: ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: