රන්ජන් මහේලගෙන් ප්‍රශ්ණ කරයි

Screen Shot 2018-05-29 at 1.40.28 PM.pngබී. බී. සි. ශ්‍රි ලංකා වාර්තාකරු අසාම් අමීන් විසින් ට්විටර් ගිණුමේ සදහන් කොට ඇත්තේ ලසිත් මාලිංග තණතීරු වෙනස් කිරීම් සම්බන්ධව කරන ලද ප්‍රකාශ විශ්වාස කල නොහැකි බවයි.

“එසේ විකට්ටුව වෙනස් කිරීම ගැන ලසිත් මාලිංග මීට ඉහතදී ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ලක් කළා නොවේදැයි බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලගෙන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ලසිත් මාලිංග නොයෙක් අවස්ථාවන්හි විවිධ ප්‍රකාශ කර ඇති බවය.

“අපිට ඒ ප්‍රකාශ ගැන කියන්න දෙයක් නැහැ. අනික එයා කීප වතාවක්ම ‘කියපු එක වැරදුනා’ කියලා නැවත සමාව ගත්ත එක්කෙනෙක්,” යනුවෙන් තිලංග සුමතිපාල සඳහන් කළේය.

කෙසේ නමුත් අල් ජසීරා වැඩසටහන හරහා එල්ලවන චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා සිය ආයතනය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.” උපුටා ගැනීම බී. බී. සී.

කෙසේ නමුත් මේ පිලිබදව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන “ලසිත් මාලිංග විශ්වාස කල නොහැකිද?” යන්න ප්‍රශ්න කොට තිබේ. මහේල ජයවර්ධන යනු ලසිත් මාලිංග සමග සෑහෙන කලක් ක්‍රීඩා කරන ලද ලොවපුරා ඉතා විශ්වසනීය මෙන්ම ගරුබුහුමන් ලාභී චරිතයකි.

Screen Shot 2018-05-29 at 1.34.34 PM

ඔහු සහ කුමාර සංගක්කාර විසින් වත්මන් ක්‍රිකට් පරිපාලනය කෙරෙහි ඇති අප්‍රසාදය පල කල අවස්ථා කිහිපයකි.

මහේල ගේ මෙම සටහන ට පිලිතුරු බදිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක මහතා ප්‍රශ්ණ කොට සිටින්නේ ඔට්ටු දැමීමේ ආයතනයකට සම්බන්ධ පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය කිරීම පිලිබද ඔබේ අදහස කුමක්ද යන්නය. මෙමගින් අනවශ්ය ප්‍රශ්ණ පැන නගින වග ඔබ නොසිතන්නේද යන්න ඔහු ප්‍රශ්ණ කරයි.

පසුගිය දිනවල රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා විසින් හෙලි කරනවා යැයි පැවසූ බොහෝ දේ තවම ඔහු විසින් හෙලිකොට නොමැත. හේතුව කුමක්දැයි පැවසීම එතුමාටම භාරයි.

 



Categories: Cricket, Sports News

Tags: ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: