රේගු බදු නොවන ආනයන බදු අහෝසි කරනවා – රටට හොදද?

import_tax_reduceඈත අතීතයේ අපේ රට බත බුලතින් ස්වයංපෝෂිතව පැවතියා. කාලයත් සමග ආසියාවේ නව නිපැයුම් කේන්දස්ථානයක් බවට පත් වුනා. රටට විවිධ භාණ්ඩ ආනයනය නොකර මේ රටේම නිපදවීමට හැකියාව තිබුනා. නමුත් අපේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ නොයෙකුත් අනෙක් හේතු නිසා මේ නව කර්මාන්ත, නිශ්පාදන වලට ඉදිරියට යාමට හැකි වුනේ නෑ.

අදටත් අපේ රටේ වාහනයක් හදන්න උත්සාහ කරන කෙනෙකුට කිසිම සහයෝගයක් නෑ. පිටරට ආයෝජකයන්ට නොමනා බදු සහන තිබුනත් අපේ රටේ නව නිශ්පාදකයෙකුට අවස්ථාවක් නෑ. ඉන්දියාවෙන් හෝ චීනෙන් එන ලාභ බඩු වලට මේ රටේ වෙලදපොල උවමනාවට වඩා විවෘත වෙලා.

මේ ලගදි රටේ ප්‍රභල සහ විද්වත් යැයි සම්මත ඇමතිවරයෙක් ප්‍රකාශ කොට තිබුනා තවත් ආනයන බදු අඩු කරනවා කියලා.

මේක හොදද? නරකද?

මේකේ හොදක් තියෙනවා. මේක ඇවිත් මේ රටේ සෘජු බදු වලින් ලැබෙන ආදායම වැඩිකොට වක්‍ර බදු ආදායම ඉහල නැංවීමේ එක් පියවරක්. එතකොට තියෙන වාසිය තමයි සල්ලි තියෙන මනුස්සයා වැඩියෙන් ගෙවීම සහ සල්ලි නැති මනුස්සයා අඩුවෙන් ගෙවීම.

නමුත් මේ දේ ආනයනය කරන භාණ්ඩ මත පැනවූවාම වෙන තවත් ප්‍රශ්ණයක් තියෙනවා. එතකොට පාරිභෝගිකයාට ආනයනික භාන්ඩය ලැබෙන මිල අඩු වෙනවා. එතකොට තරගකාරී දේශීය නිශ්පාදන වලත් මිල අඩු කරන්න වෙනවා. දේදීය නිශ්පාදකයාගේ ලාභය අඩු වෙනවා. නිශ්පාදකයා වැටෙනවා.

ක්‍රමයේ වැරැද්ද

මේ රටේ බදු පැනවීමේ ක්‍රමයේ වැරැද්දක් තියෙනවා. රජයක් වුනාම මිනිස්සුන්ට හොද දේවල් දෙන්න ඕනේ. සුවපහසු මෙන්ම විශ්වාසී ජපන් කාර් එකක් ගන්න මිනිස්සුන්ට දරාගන්න බෑ, ඒ නිසා ඉන්දියන් ජරාවක් ගන්න කට්ටිය ඕනෑ තරම්.

අනික් ක්‍රම කියලා වෙනසක් නෑ. අපේ රටේ කිරිපිටි උවමනාව පියවා ගැනීමට අවශ්ය තරම් කිරිපිටි නිපදවාගන්න පහසුකම් නෑ. මේක කරන්න බැරි වැඩක් නෙවෙයි. අපි බහුජාතික සමාගම් වලට යට වෙලා. රටට සෑහෙන මුදලක් ඉතුරු කරන්න තිබෙන හැකියාව නැති වෙලා යනවා.

වෙන රටවල්

වෙන රටවල් වල අලුතෙන් මිනිහෙක් වැඩක් පටන් ගනිද්දි පූර්ණ සහයෝගය ලැබෙනවා. මේ රටේ වෙන්නේ ඒ මනුස්සයාව ඇදලා පහලට දාන එක. අපි නව නිශ්පාද කොතරම් දැකලා ඇතිද වරින් වර රූපවාහිනියේ. නමුත් ඒවායෙන් කීයක් අද ඔබ භාවිතා කරනවාද?

වෙන රටක ආනයනය වන භාණ්ඩයකට වැඩියෙන් බදු ගහලා දේදීය නිශ්පාදකයා රැකගන්න බලනවා. මෙහෙම ගිහින් අපි කවදාහරි එක්කෝ චීනෙට හෝ ඉන්දියාවට විකිනෙනවා, නැත්නම් අන්ත දුප්පත් සෝමාලියාව වගේ රටක් වෙනවා.



Categories: Business News

Tags: ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: